Thursday, December 11, 2025
spot_img
HomeLocal Newsඅධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන කඩිනම් කරන්න - අගමැති හරිනි

අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන කඩිනම් කරන්න – අගමැති හරිනි

පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන ලෙසත්, පවතින විමර්ශන කඩිනම් කරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකෙහි ඊයේ (06) පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ සභාපතිනිය ලෙස මතු වූ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

දසවැනි පාර්ලිමේන්තුව විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් පත් කළ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ තෙවන වර රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ පැවත්විණි.

එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමබන්ධයෙන් වන ගුරු පුහුණුව සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පාසල් වල පවතින අඩුපාඩු සකස් කිරීම, තාවකාලික ගොඩනැගිලි තුළ පවත්වාගෙන යන පාසල් ස්ථිර ස්ථානයක යළි පිහිටුවීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්හට වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශය ලබා දීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීම, ගුරු, විදුහල්පති සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් සහ ස්ථානමාරු ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

පත්වීම් ලබා දීමේදී මානුෂිය අවශ්‍යතා මෙන්ම පුරප්පාඩු පිළිබඳ සැලකිළිමත් වීම අවශ්‍ය බවත්, ස්ථාන මාරු කිරීම් සහ අනියුක්ත කිරීම් සිදු කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ ගැටලූ ඇති නොවන පරිදි සිදු කිරීම අවශ්‍ය බවත් අග්‍රාමිත්‍යතුමිය මෙහිදි පෙන්වා දුන්නාය. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ෂනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශයේ පවතින පුරප්පාඩු සම්පුර්ණ කර කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව විමර්ශන සිදු කිරීමට කටයුතු කරන ලෙසද විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.  

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පත් කරන ලද අනු කම්ටුවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අදාල කමිටු සභිපතිවරු කරුණු ඉදිරිපත් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Verified by MonsterInsights