Thursday, December 11, 2025
spot_img
HomeLocal News''තවමත් අමෙරිකාව සමඟ ගිවිසුමකට අත්සන් කළේ නෑ'' - ජනපති

”තවමත් අමෙරිකාව සමඟ ගිවිසුමකට අත්සන් කළේ නෑ” – ජනපති

ජනපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු 20% දක්වා අඩුකර ගත් ක්‍රියාවලිය පිළිබඳව ජනපතිවරයා මෙහිදී පැහැදිළිකර සිටියා.

ශ්‍රී ලංකාට ජනපති ට්‍රම්ප් පැනවූ තීරු බදු අඩුකර ගැනීමේ සාකච්ඡා සඳහා දක්ෂ කණ්ඩායමක් පත්කළ බවයි ජනපතිවරයා එගිදී පවසා සිටියේ.

එම සාකච්ඡා සඳහා සහභාගී වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් විමලේන්ද්‍ර රාජ , ජනපති ආර්ථික උපදේශක දුම්න්ද හුලංගම සහ විශේෂ සම්බන්ධීකරණ සහයත් ලබාදුන් එක්සත් ජනපද තානාපතිවරයා සම්බන්ධයෙන්ද ජනපතිවරයා මෙහිදී සිහිපත්කර සිටියා.

අමෙරිකාව ඉදිරිපත් කළ ඇතැම් යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ සිටින අතර මේ වන තෙක් අවසන් එකඟතාවයකට පැමින ගිවිසුමක් අත්සන් නොකළ බවයි ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ.

සාකච්ඡාවල යම් ප්‍රගතියක් ,එකඟතාවයකට පැමිණියද අවසන් වශයෙන් ගිවිසුමකට අත්සන් නොකළ බවයි ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ.

අප වෙළඳ පරතරය මත 44% ලැබුණු බවත් එය අමෙරිකාවේ මූලධර්මය එය බවත්, 44% සිට 20 දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස රජය කල්පනා කරන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Verified by MonsterInsights