Thursday, December 11, 2025
spot_img
HomeBreaking Newsහිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා.

එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙක් මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Verified by MonsterInsights