Thursday, December 11, 2025
spot_img
HomeLocal Newsසූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ බලතල නියෝජ්‍ය ඇමති පහදයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

එම පනත පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සූදු ක්‍රීඩා හේතුවෙන් සමාජයට ඇති විය හැකි අහිතකර තත්ත්වයන් අධ්‍යයනය කර ඒ පිළිබඳ විධි විධානයන් නිකුත් කිරීමට පනත විසින් අධිකාරියට බලතල ලබා දෙන බවය.

තවදුරටත් අදහස් දැක් වූ ආචාර්ය අනිල් ජයන්ත මහතා,

“සියලු නීති එක තැනකට ගෙනල්ලා අධිකාරියක් පිහිටුවන්න සූදූ ක්‍රීඩා නියාමන අධිකාරී පනතින් ප්‍රධාන වශයෙන් බලතල ලබාදෙනවා.

ඉන් අදහස් වෙන්නෑ එම අධිකාරිය කැසිනෝ, සූදු කරන්න ලයිසන් දෙක එකක් බව. මේකේ තියෙන්නේ නියාමනය. ඒ නියාමනයට සියලු දේ අන්තර්ගත වෙනවා. 

එම නියාමනයේ දී කුමන සූදු ක්‍රීඩා සඳහාද අවසර දෙන්නේ, අවසර දෙනවානම් ඊට යටත් සීමාවන්. ඒ වගේම ලබාදුන් ලයිසන් එකක් ඉවත් කරන්න, තහනම් කරන්න යනාදි සියලු කාරණා මේ යටතේ කරන්න පුළුවන්.

සූදු ක්‍රීඩා සිදුකිරීමේ ඉන් සමාජයට මෙන්ම සංස්කෘතියට බලපෑම් තියෙනවා. 

එනිසා සූදූ ක්‍රීඩා නියාමන අධිකාරීයේ තවත් වගකීමක් සූදු ක්‍රීඩා මගින් යම් ආර්ථිකම කාර්ය්‍යක් සිදුවෙන ගමන්ම, සමාජයට සංස්කෘතියට අහිරකර බලපෑමක් තියෙනවා නම් ඒ පිළිබඳවද අධ්‍යනය කර ඊට අදාළ විධි විධාන නිකුත් කිරීම.

ඒ සඳහා ප්‍රතිපාදන මෙහි තිබෙනවා. 

මෙම පනතින් සිදුකරන දේ සරළව ගත්තොත් එන් සිදුකළේ සූදු ක්‍රීඩා හා සියලු කටයුතු එක් නීතියක් එක් ස්වාධීන අධිකාරියක් යටතේ කටයුතු කිරීම විධිමත් කිරීම” යැයි පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Verified by MonsterInsights