HomeBreaking Newsටයිටන් ගැන සංවේදී ආරංචියක් (Video)

ටයිටන් ගැන සංවේදී ආරංචියක් (Video)

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව එම කුඩා සබ්මැරීනය තුළ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.

කැනේඩියානු  නෞකාවක මෙහෙයුම් කටයුතු අතරතුරදී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේදී  ටයිටන් කුඩා සබ්මැරීනයේ පසුපස කොටසක් සොයාගැනීම හරහා මෙම මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර තිබේ.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments