HomeLocal Newsවැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කල බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබේ.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊට පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා ඇත.

එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments