HomeForeign Newsඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

ඉරානය සමග සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් ප්‍රහාරක අනතුරු ඇඟවීමක්

ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු නියෝජිත පිරිසක් හෙට (20) සන්ධ්‍යාවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීම් කිහිපයක් ද සිදුකර තිබෙනවා.

මෙම සාකච්ඡා හරහා නිසි එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරට පාලම් සහ විදුලි බලාගාර ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවට ඔහු යළිත් අනතුරු අඟවා තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අවහිර කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙරට අතර පවතින අර්බුදය සමනය කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ බව සඳහන්.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ ඉරානය “ලෝකයටම තර්ජනයක්” වෙමින් කටයුතු කරන්නේ නම් අමෙරිකාව උපරිම බලය භාවිතා කිරීමට පසුබට නොවන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments