HomeWeather Newsහෙට සිට වැස්ස වැඩියි - අදත් සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

හෙට සිට වැස්ස වැඩියි – අදත් සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.  ඒ හේතුවෙන් හෙටින් (06) පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (05) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. 

උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments